අලුත් නිපන්දු නීතියක් එයි


ටෙස්ට් එක්දින හා විස්සයි 20 අන්තර්ජාතික ක්‍රිකට් තරඟ සදහා නව නිපන්දු නීතියක් හදුන්වාදීමට අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය (අයි. සී. සී) සැරැසෙතියි. මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව පන්දු යැවීමේදී පන්දු යවන්නාගේ අන්තයේ කඩුල්ල පන්දු යවන්නා විසින් බිදළනු ලැබුව හොත් එම පන්දුව නිපන්දුවක් ලෙස විනිසුරුවරයා විසින් සංඥා කරනු ඇත.

මෙම නීතිය මේ මස 30 වැනිදා සිට කි‍්‍රයාත්මක වන බවද අයි.සී.සීය කියයි.

මෙම නීතියට යටත් වන පළමු තරගය ලබන මස 3 වැනිදා බුලවායෝහිදී සිම්බාබ්වේ හා බංගලිදේශ කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතය.

මෙතෙක් කාලක් නිපන්දුවක් ලෙස නම් කිරීමට පන්දුව දමාගැසීම , සීමා ඉර ඉක්මවා පන්දුයැවීම, නියමිත සීමාව ඉක්මවා බවුන්සර් පන්දුයැවීම, බීමර් පන්දු යනුවෙන් හැදින්වෙන උකුළට ඉහළින් පුල්ටෝස් පන්දුයැවීම, පිටුපස සීමාවට ඇතුළතින් පන්දුයවන්නාගේ පසුපස පාදය නොතිබීම, පන්දු යවන අත විනිසුරුට දැනුම් නොදී මාරුකිරීම, කඩුල්ලේ පන්දුයවන පාර්ශ්වය විනිසුරුට නොදන්වා මාරුකිරීම, අත යටින් කරකවා පන්දුයැවීම වැනි අවස්ථාවලදී මෙතෙක් නිපන්දු ලකුණු කැරිණි.