අලුත් ගොවිජන කොමසාරි පත් කරයි


(අංජුල මහික වීරරත්න)

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතියය ලැබී ඇත.

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන යූ. බී. රෝහණ රාජපක්ෂ මහතාගේ සේවා කාලය 2025-10-08 දින අවසන් වීමට නියමිතව ඇත.

 ඒ අනුව, මේ වන විට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී ආර්. ඒ. ඩී. එස්. රණතුංග මහතා 2025-10-09 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.