අලුත් ගුවන් බසය පිළිගන්න වතුර මල් පිපේ


ගුවන් සේවා ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය  සනිටුහන් කරමින් මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන්  සමාගමේ නවතම එයාර් බස් ඒ 330 -300  වර්ගයේ ගුවන් යානාව  ප්‍රංශයේ ටුලුස් සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අද පැමිණියේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම  සිය ගුවන් යානා බල ඇණිය ශක්තිමත් කිරීමට පුලුල් බඳ සහිත මෙම වර්ගයේ ගුවන් යානා 7 ක් මෙරටට ගෙන ඒමට නියමිත අතර ඉන් පළමුවැන්න මෙය වෙයි.

මෙම ගුවන් යානය දිවයිනට  පැමිණි මොහොත ඉතා විචිත්‍ර විය.  කටුනායක පිහිටි ශ්‍රී ලංකන් ගුවන් සේවා යාත්‍රාංගනය වඩා උඩු ගුවනේ වට දෙකක් කැරකුනු  යානය එහි   ගොඩ බසින අවස්ථාවේ  වතුර බවුසර් දෙකක් දෙපසින් සිට  දේදුන්නක් අයුරින්  ජල දහරා විද   යානය   නහවා සම්ප්‍රදායික ලෙස පිළිගනු ලැබීය.

අනතුරුව  ගුවන් යාත්‍රාංගනය  තුළට යානය ගෙන එනු ලැබීමෙන් අනතුැරුව  මහා සංඝ රත්නයේ පිරිත් සජ්ජායනා මැද ශ්‍රී ලංකා ජාතික ධජය බාර දෙනු ලැබීය.

මෙම  සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ, ප්‍රධාන විදායක නිදධාරී කපිල චන්ද්‍රෙස්න, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති  ප්‍රසන්න වික්‍රමසුරිය යන මහත්වරුන් ඇතුලු උසස් නිලධාරීන්ද, මහා සංඝ රත්නය ඇතුලු සියලු ආගම් නියෝජනය වන පරිදි ආගමික නායකයෝද එක් වුහ.

ද්විත්ව රෝල්ස් රොයිස් ට්රේන්ට් 700 එන්ජිමකින් පන ගැන්වෙන ඒ 330-300 ගුවන් යානා ඉන්දන කාරයක්ෂමතාවයෙන් හා ගුවන් මගීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් පුළුල් බඳ සහිත ගුවන් යානයකි.

මෙහි මැදිරි ඉතා උසස් තත්වයෙන් සුවපහසු ලෙස නිමවා ඇත. ගුවන් මගීන් 297  සඳහා ව්‍යාපාර පන්තියේ ආසන 28 ක් ද,  පිරිමැසුම් පන්තියේ  ආසන 269 ක් වන ලෙසින් මෙය නිමවා ඇත.

මෙම ගුවන් යානාව තුළ අති නවීන  ‘තැලස් ඇවන්ට්‘ නම් ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධති හඳුන්වා දී ඇති අතර ගුවන් මැදිරිවල සුව පහසු ආසන පහසුකම් ඇත.

ලබන දෙසැම්බර් මාසයේ සිට මෙම ගුවන් යානාව ඈත පෙරදිග ගමනාන්ත වන ටෝකියෝ සහ චීනයේ ගුවන්ෂෝ වෙත සතියකට ගුවන් ගමන් 4 ක් සඳහා යොදා ගැනේ.

 

 1  3  5  

_DSC49678  10 11 12

DSCF1011 DSCF1038 DSCF1066 DSCF1070 DSCF1111 DSCF1122 DSCF1139 DSCF1140 DSCF1141 DSCF1174

දීපා අධිකාරී

RDS_7522 RDS_7613 RDS_7664 RDS_7746

රොමේෂ් ධනුෂ්ක සිල්වා