අලුත් කුඩු මුදලාලියෙක් එයි?


මහනුවර කුරුණෑගල පාරේ කටුගස්තොට වතුවල දී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 45ක   වීදි වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 59, ශ්‍රී ලංකාවට ගෙන එවන්නට ඇත්තේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ වූ අලුත් පුද්ගලයකු විය හැකි යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

පාකිස්තාන දේශ සීමාවේ සිටිතියි කියන වෙලේ සුදා හා මොහොමඩ් සිද්දික්   මෙතෙක් හදුනාගෙන සිටි හෙරොයින් ප්‍රවාහකයින් බවත්, එහෙත් කටුගස්තොට සිද්ධියෙන් තවත් එවැන්නකු සිටින බවත්, ඔහු අහමඩ් සබ්රික් තජුදීන් (34) ලෙස හඳුනාගෙන තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

ත්‍රිකුණාමලයේ සිට මාධ්‍ය අමතමින් ඔහු පැවසුවේ කටුගස්තොටින් අත්අඩංගුවට ගත් සිව් දෙනා ළඟ සිම් කාඩ්පත් 27ක් තිබුණු බවයි.

මේ වසරේ දී මෙතෙක් කුඩු කිලෝ 330ක් අසු වූ බව ද ඔහු කියයි.