
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
සිංහල අලූත් අවුරුද්දෙන් පසු කාල සීමාවේදී දේශපාලන පිල් මාරු කිහිපයක් සිදුවීමට බොහෝදුරට ඉඩ ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
ඇමැති මාරුවීම්,පිල් මාරුවීම් ලබන 20-30 අතර කාලයේදී විය හැකි බවද ඔහු සඳහන් කළේය.
මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙසේද සඳහන් කළේය.
සිංහල අවුරුද්දෙන් පසු එළඹෙන සති දෙක මේ රට දේශපාලනය වශයෙන් ඉතාම තීරණාත්මක එකක් වේවි. මොකද පිල් මාරුවීම්, ඇමැති මාරුවීම් ලබන 20- 30 ඇතුළත වෙන්න පුළුවන් තත්වයක් තමයි අපට පේන්නේ. නමුත් එකක් කියන්න ඕන. අපි නම් කිසිම පාර්ශවයකට ගැතිවෙලා වැඩ කරන්න සූදානම් නැහැ. ඒත් පක්ෂ විපක්ෂ කවුරුන් හෝ රටට යහපතක් වෙන තීරණයක් ගත්තොත් අපි ඒවට සහය දෙනවා.

