අලූත උපන් දරුවකු වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවලදී නිවාඩු ලබාගැනීමේ අවස්ථාව පියාට ද හිමිවන අයුරින් නීතිමය ප්‍රතිපාදන ඇතිකිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර මහත්මිය පැවසුවාය.
දැනට අලූත උපන් දරුවෙකු වෙනුවෙන් මවට මාස 4ක්, 6ක් හෝ වසරක් නිවාඩු ලබාගත හැකි වුවත් පියෙකුට ලැබෙන්නේ දින තුනක් බව කී සභාපතිනිය දරුවා වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් අනුව පියෙකුට එම නිවාඩුව ප්‍රමාණවත් නොවන බව ද සඳහන් කළාය.
දරුවකු වෙනුවෙන් වඩාත් කැප විය යුත්තේ මවය යන සංකල්පය වෙනස් කර පියාද දරුවා වෙනුවෙන් කැපවිය යුතුය යන සංකල්පය සමාජගත කිරීම, දරුවා හා පියා අතර සම්බන්ධය ශක්තිමත් කිරීම යන අරමුණු ඇතිව මෙම පියවර ගන්නා බව ද ඇය පැවසුවාය.
එමෙන්ම පසුගිය වසරේ දී ළමා අපචාර ඇතුළු දරුවන්ට එරෙහිව සිදුවන හිංසනයන් පිළිබද පැමිණිලි 10,732ක් ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත ලැබී ඇතැයි කී සභාපතිනිය එයින් 2784 කට අදාළව පියවර ගෙන අවසන් කර ඇතැයි ද කීවාය.

