අන්තර්ජාලයේ දැන්වීම් පළකළ ආරක්ෂ ලයිස්තුවේ ඉහලින්ම සිටින අලු ගිරවකු රුපියල් දහසයදහසකට උපාය දුතයකුට විකිණීමට ගිය බම්බලපිටියේ මොහොමඩ් අමීන් මොහොමඩ් රියාස්ට රුපියල් 50000 ක ඇප මත මුදා හල අලුත් කඩේ අංක පහ අධිකරණ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
බස්නාහිර පළාත් වනජීවී විශේෂ වැටලීම් ඒකකය මෙම වැටලීම කළේය.
කොළඹ තැන් දෙකකදී අලු ගිරවුන් හතර දෙනෙකු සොයාගත් බව ඒකකයේ ප්‍රධානී සමන් ලියනගම මහතා කියයි.
අප්‍රිකා අලු ගිරවුන්ද එහි සිටි බවත් එම කුරුල්ලන් මිලට ගත් ආකාරය තහවුරු කිරීම සැකකරුවන්ට නොහැකි වු බවත් ලියනගම මහතා සදහන් කළේය.