අලිහොරු දේශපාලන බලවන්තයෝ


වනාන්තරවලින් හොරෙන් අල්ලාගත් බව කියන අලි පැටවුන් 23 දෙනකු රජයට සම්බන්ධ දේශපාලන බලවතුන් බාරයේ සිටිතියි එජාප පළාත් මන්ත්‍රීන් වන  සන්දිත් සමරසිංහ හා හේෂාන් විතානගේ මහත්වරු සබරගමු පළාත් සභාවේදී ප්‍රශ්න මතු කළහ.

හොරෙන් අල්ලාගත් බව කියන අලි පැටවුන්ගේ නම්,අල්ලාගත් කැලෑව හා දැන් සිටින ස්ථානය,හිමිකරුගේ නම ආදී විස්තර ද හේෂාන් විතානගේ මහතා ඉදිරිපත් කළේය.

සිඟිති, කණ්ඩුල, සංජු,සුජීවා, චූටි මැණීකේ, සන්දක, පංචාලි, සකුරා, වස්තු, පාරමී  හා නමක් නැති අලි පැටවුන් දෙදෙනකු  හබරණින් අල්ලාගෙන ඇතැයි ඔහු කීවේය.

ගංගා,භානූ,සුද්දි,දෙව්මි,සමාධි,සීදේවී,සංඛ,දෙව්රංග හා නමක් නැති අලි පැටවකු උඩවලවෙන් දඅල්ලාගෙන ඇතැයි ද ඔහු කීවේය. අල්ලාගත් ස්ථානයක් සඳහන් නැති අලි පැටවුන් දෙදෙනකු ගැන ද ඔහු කියයි.එම අලි පැටවුන්ගේ ඡායාරූප ද ඔහු සභාවට ඉදිරිපත් කළේය.

 අද සමහරුන් රට බල්ලන් ඇති කරනවා වාගේ අලි පැටවුන්  ඇති කිරීම විලාසිතාවක් කැරගෙන ඇතැයි ද මේ නිසා අලි පරපුර වද වී ඇතැයි ද ඔවුහු කීහ.

මෙම අලි හොරකම හෙළි කළ නියෝජ්‍ය විගණකාධිපති ලලිත් අඹන්වල මහතා මාරු කැර ඇතැයි ද ඔවුහු කීහ.ඔහුට උසස්වීමක් දී ඇතැයි සන්ධාන මන්ත්‍රී වරුණ ලියනගේ මහතා කීවේය.

විපක්ෂ නායිකා තුසිතා විජේමාන්න මහත්මිය පැවසුයේ  අලි පැටවුන් මව් සෙනහස අහිමිවීමෙන් මිනිසුන්ට සතුරු විමෙන් අලියාගෙන් මිනිසාට අනතුරු විය හැකි යැයි කීවාය.

වල් අලින් හීලෑ කිරීම හොඳ වැඩකියි සන්ධාන මන්ත්‍රී නමින්ද අරුණප්‍රිය මහතා ද කීවේය.

අලි පරපුර රැකගැනීමට  ඇති සියලුම දේ කරන බවට මහ ඇමැති මහීපාල හේරත් මහතා පවසයි.

සන්ධානයේ වරුණ ලියනගේ මහතා පැවසුයේ හීලෑ ඇතුන් සිටීම අලි මිනිස් ගැටුම් ඇතිවීම වැළක්වීමට හේතු වන බවයි.

2012 අලි සංගණනය අනුව ශ්‍රී ලංකාවේ වල් අලි ගහණය 5800 කි.ඉන් බහුතරය වියලි කළාපයේය. ශ්‍රී පාද ප්‍රදේශයේ ද අලි දෙදෙනකු හෝ තිදෙනකු සිටින බවත් සිංහරාජයේ ද තුන්පත් රැළෙන් එක් අලියකු ඇති බවත් කියති. ආසියාවේ වල් අලි වර්ග 13 කි .අප්‍රිකාවේ 38 කි. ශ්‍රී ලංකාවේ අලියා වඳවීමේ තර්ජනයකට ලක් ව සිටී.

2_Kandula 10_Sandaka_copy - Copy - Copy 11_Samadi_copy 12_Seedavi_copy 13_Panchali_copy - Copy - Copy 14Sanka_copy - Copy 15_Sakura_copy 18_Dewranga_copy 19_sigithi apsara1 - Copy - Copy apsara2 apsara3 - Copy - Copy apsara4 - Copy - Copy apsara5 apsara6 apsara7