අලියෙක් අ'පුර පූජා නගරයට පනී


අනුරාධපුර පූජා නගරයට අද උදේ කඩා වැදුණු වල් අලියකුගේ පහරින් වැසියකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි සිද්ධිය දුටුවෝ කියති. බසවක්කුලම හා තිසා වැව දෙසින් ශ්‍රී මහා බෝධිය පැත්තට දිවූ බව කියන අලියා මල්වතු ඔය අසළට වී සිටින බව නගර වැසියෝ කියති. මේ නිසා පූජා නගරය ද නව නගරය ද කැළඹී ඇත. අලියා මෙල්ලකර කැලයට පලවාහැරීමට පොලිසිය හා වන ජීවී නිලධරයෝ සැරසෙති.

අනුරාධපුර පූජා නගරය ආසන්න කැලෑවල වල් අලි ගැවසෙති.