අලියාට ඇද්ද තුවක්කුවට දරුවා බිලි


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වී වගාව වල් අලින්ගෙන් ආරක්ෂා කිරීමට අටවා තිබූ ගිනි අවියක් පත්තු වී වෙඩි වැදුණු පාසල් සිසුවකු බරපතළ තුවාල මියගොස් ඇතැයි අඹන්පොළ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ  අඹන්පොළ කැත්තපහුව ප්‍රදේශයේ පදිංචිව සිටි දිලුම් ලක්ෂිත නැමැති 14 හැවිරිදි දරුවෙකි.

සිසුවාගේ පපු ප්‍රදේශයට වෙඩි වැදී ඇතැයි පොලිසිය පවසයි.

වී වගාව ආරක්ෂා කරගැනීම සඳහා මව හා පියා මෙම දරුවා ද ගොස් ඇති මව සහ පියා පැලෙන් පිටව ගිය අවස්ථාවේ  පැලේ සඟවා තිබූ බෙහෙත් කොටන තුවක්කුව අතට ගැනීමට සුදානම් වනවත් සමග එය ක්‍රියාත්මක වී වෙඩි වැදී ඇත.

වෙඩි හඬක් නිකුත් වීම නිසාමව සහ පියාපැලට පැමිණ බලද්දී  දරුවා වෙඩි වැදී ලේ ගලන තුවාල සහිතව වැටී සිටින අයුරු දැක ගල්ගමුව රෝහලට රැගෙන ගොස්ඇතැයි පොලිසිය කියයි.