අලියාගෙන් බේරෙන්න දුවද්දී මෝටර් රියේ හැපී තිදෙනෙක් මරුට


( නවරත්න සමරතුංග)

පොතුවිල අක්කරපත්තුව ප‍්‍රධාන මාර්ගයේ ඒත්තම ගම්මානය අසල පිහිටි කුරුංඤ්ඤන් ඕඩෙයි බෝක්කු  පාලම අසලදී  සිදුවූ මෝටර් රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා ඇති බව පොතුවිල පොලීසිය කියයි.

මිය ගිය තිදෙනා පොතුවිල් නගරය දෙසට ත‍්‍රිරෝද රථයකින්  පැමිණ ඇති අතර  ත්‍රිරෝද රථයේ ඉන්ධන නොමැති වීමෙන් මාර්ගයේ රැදී  සිටියදී අලියකු ඔවුන් පසු පස එළවීම නිසා ඉන් බේරිමට මාර්ගයේ  දිව යද්දී  ඉදිරියෙන් පැමිණි මෝටර් රියෙහි ගැටී අනතුර සිදු වී තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ සව්පුල් අක්මිනා (34)  සහ ඇයගේ දියණියන් වන මීඩා මසුර් (මාස 06) සහ ජුනියාඛාන් හමීඩා මස්සූඞ් (12)  යන තිදෙනාය.

මෙහිදී තුවාල ලත් ජුනියාඛාන් අප්ටාන් (11) නැමති පිරිමි ළමයෙකු පොතුවිල  රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර ලබාදීමට මඩකලපුව ශික්ෂණ රෝහලවෙත මාරු කර යවා ඇත.

මෝටර් රථය පැදවූ රියැදුරා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.