ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී සහාය දීමට ලංකා එක්සත් කම්කරු සම්මේලනය තීරණය කරයි.
මෙතෙක් එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කළ තම සම්මේලනයට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ගැන පැහැදීමක් නොමැති නිසා මෙම තීරණය ගත් බව එහි ප්‍රධාන ලේකම් මධ්‍යම පළාත් සභා එජාප මන්ත්‍රී එස් සතාසිවම් මහතා කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (21) පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ කීය.
එස් සතා සිවම් මහතාට අමතරව ලංකා කම්කරු සම්මේලනය නියෝජනය කරන නුවරඑළිය අඹගමුව ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් හත් දෙනකුගේ සහ නගර සභා මන්ත්‍රීවරයකුගේ සහායද ජනාධිපතිතුමාට ලැබී තිබේ.

