වල් අලියෙක් අද හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා විදුහල අසළට පැමිණියේය. ගමන් මගේ දී හමුවූ කතකට පහර දී බරපතල ලෙස තුවාල කළ අලියා විදුහල අසළ වන රොදට වී සිටියි. මේ අලියා නිර්වින්දනය කර වනාන්තරයකට රැගෙන යාමට වනජීවී නිලධරයෝ සැරසෙති.
පැය හයකට පසුව අලියා නිර්වින්දනය කර අල්ලා බැද තැබු බව වනජීවී නිලධරයෝ කියති.වයස අවුරුදු 15-20ක් පමණ වන මෙම හස්තියා වනජීවී කළාපයට මුදා හැරීමට යයි.
ඡායාරූප කග කරුණාරත්න



