අලියා රැකගන්න නිව්යෝක් යයි


ශ්‍රී ලංකාවේ ඉතිරි වී සිටින පන්දහසක් පමණ වල් අලි හා මිනිසුන් අතර ගැටුම  බේරුම් කැරගෙන මිනිසා සහ අලියා අතර සහජීවනයක් ඇති කැර ගැනීමේ අවශ්‍යතාව දැක්වෙන චිත්‍රපටයක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත්ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානයේදී ප්‍රදර්ශනය කැරිණි.

300 ක් පමණ වු පිරිසක් එම චිත්‍රපටය නැරැඹුහ.එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන පැවසුයේ  වසර  සියයකට පෙර ශ්‍රී ලංකාවේ වල් අලින් විසිදහසේ සිට හතලිස් දහස දක්වා පමණ සිටි බවයි.

ශ්‍රී ලංකාවේ ජනගහණ හා කෘෂිකර්ම වර්ධනය සමඟ එම සංඛ්‍යාව පන්දහස දක්වා අඩු වී ඇති බවත් ඔහු කීවේය.

ශ්‍රී ලංකා වනජිවී සංරක්ෂණ සංගමයේ සභාපති රවි කොරයා  කියා සිටියේ මිනිසා සහ අලියා අතර ගැටුමට විසඳුම් සෙවීම ඉතා අමාරු බවයි.තම සංගමය ඒ සඳහා වෙහෙසෙන බවද ඔහු කීය.

ශ්‍රී ලංකාවේ ඉතිරි වී සිටින වල් අලින් ගැන ලෝකයේ අවධානය යොමු කැර ගැනීමේ අරමුණින් මෙම චිත්‍රපටය ප්‍රදර්ශන කිරීමට අමතරව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයයයේ ඡායාරූප ප්‍රදර්ශනයක් ද පැවැත්විණි.

Chris_Cheng Dead_Elephant-1 Farmer_killed_by_an_elephant IMG_0087 WG-Fence_Restoration-2 Yala-May-13-200__5_