අලියා බංකොලොත්දැයි ගුණරත්න වීරකෝන් අසයි


එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස වැනි අයකු සිටියදී වෙනත් පුද්ගලයින් යොදා ගැනීම රනිල් වික්‍රමසිංහ කළ අනුවණ ක්‍රියාවක් බව ඇමති ගුණරත්න වීරකෝන් පසුගියදා පැවති ජන හමුවකදී පැවසීය.

තමා එජාපයේ රනිල්ගේ තැන සිටියානම් එජාප අපේක්ෂයෙක් ඉදිරිපත් කරන බවත් මෛත්‍රීපාල, චන්ද්‍රිකා හෝ රතන හාමුදුරුවන් ජයග්‍රහණයට අවශ්‍ය නොවන බවත් ඔහු කීවේය. රනිල් වික්‍රමසිංහ දෙවරක් පක්ෂය වික්ක බවද ඔහු කිවේය.