කොළඹ සිට මඩකළපුව දක්වා අද (5) අලුයම ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට පළුගසවැව ඇඹුල්ගම වාන්කඩවල ප්‍රදේශයේ දී අලියකු ගැටීමෙන් එම දුම්රියේ මැදිරි තුනක් පිළිපැන ඇතැයි දුම්රිය ආරංචි කියයි.
මේ හේතුවෙන් දුම්රිය මාර්ගයේ මීටර් 50ක් පමණ දුරකට දැඩි හානි සිදුව ඇති අතර දුම්රිය ධාවනය තාවකාලිකව නතර වූ අතර අද දහවල් වන විට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වෙතියි දුම්රිය දෙපාර්තමෙන්තුව කියයි. අනතුරින් අලියා ද මියගියේය.

