බෙලිඅත්ත කහවත්තේ පාසල අසළ අක්කර කාලක පමණ ළඳු කැලෑවක සිටින වල් අලියා බැලීමට විශාල පිරිසක් අවට රැස්ව සිටින බවත් ඔවුන් එහි සිටීම අනතුරකට අතවැනීමක් බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ.ධර්මකීර්ති මහතා පවසයි. සමහර විට මේ අලියා මද කිපීමට ආසන්නව ඇතැයි ද ඔහු සඳහන් කරයි. නිර්වින්දන බෙහෙත් එක් වරක් ලබා දුන්න ද වැස්ස නිසා එම බෙහෙත නිසි ලෙස ක්‍රියාත්මක වී නැතැයි ද ඔහු පවසයි පොලීසිය කැඳවා ඇතත් මිනිසුන් නොයන බව ඔහු කියයි.

