අලියා කුලප්පු වී අටකට තුවාල


කඳානේ වෙසක් පෙරහරේ අලියකු කුලප්පුවීම නිසා ළමයින් අට දෙනකු තුවාල වූ බව පොලීසිය කියයි.

පෙරහර නගරයට ආසන්න වීමත් සමග කුළප්පු වූ අලියා මෙල්ල කිරීමට ඇත් ගොව්වන් හා පොලීසිය අලියා වත්තක් ඇතුළට ගෙන වතුර දී මෙල්ල කළ බව දැනගන්නට ඇත.

අලියා සෙනසුරාදා රාත්‍රීයේම අලි ප්‍රවාහන වාහනයකින් රැගෙන ගිය බව පොලීසිය කියයි.