අලියා ඉණිමග දිගේ යයි


මාදුරුඔය ඉෂෙඩ් ඩී මහඇළට වැටුණ වල් අලියකු කඹවලින් සෑදු ඉණිමඟක ආධාරයෙන් ගොඩ ගැනීම මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ නිලධාරීන් සහාය ඇතිව වෙහෙරගල ගජ මිතුරෝ සංවිධානයට හැකි විය.

අරලගංවිල අලුත්ඔය ප්‍රදේශයේ දී ජලය බීමට ඇළට බැස්ස අලිය මෙම ඇළට වැටී ඇත්තේ 27 වැනි අලුයම් කාලයේ බව ගජමිතුරෝ සංවිධානය කියයි.  එතැන් පටන් කිලෝමිටර් 10 පමණ පහළට අලියා ඇළ දිගේ ගසා ගෙන ගොස් දින දෙකක් තිස්සේ ඇළේ රැඳී සිටියේය.  ඇළේ වැටී සිටි අලියාට ප්‍රදෙශවාසීන් කෑම දුන්නේය.

ඇළ මාර්ගයට ජලය සපයන මාදුරුඔය ජලාශයේ දොරටු මහවැලි නිලධාරීන්ගේ සහාය වසා දැමුණු අතර පසුව විශාල කඹ ආධාරයෙන් සෑදූ ඉනිමඟ දිගේ අලියා  ගොඩට පැමිණ පිඹුරත්තෑව වනය දෙසට පළවා හැරීමට කටයුතු කළේය.