අලියා අධ්‍යාපන චාරිකාවට හරස් වෙයි


හිගුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ සිසුවියන් පිරිසක් අධ්‍යාපන චාරිකාවක් සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යමින් සිටියදී  දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ දී අද දින අලුයම 5.45ට වල් අලියකු පහරදිමෙන් සිසුවියක හා ගුරුවරියන් දෙදෙනකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇත.

අනතුරු සිදු වෙද්දී තවත් දැරියන් 12 දෙනකු එහි ගමන් කර ඇති අතර ඉන්  කීහිප දෙනෙකු සුළු තුවාල හා කම්පන තත්ත්වයකට පත්ව සිටිති.

එම පාසලේම  බස්යෙන් යන අතර තුරදී  මෙම අනතුර සිදුව ඇත

බස් රථයට පහර දුන් වන අලියා නැවත ප්‍රධාන මාර්ගයට පැමිණ පැයකට ආසනක කාලයක් එහි රැඳීසිට කැලයට ගියේය.  මෙම මාර්ගය දෙපස කුණු කසල ගෙනවිත් දැමීම නිසා ඒවා ආහාරයට ගැනීමට වල් අලින් මාර්ගයට පැමිණෙන බව ප්‍රදේශවාසීහු කියති .

ගතවූ දින 10ක් ඇතුලත මේ ප්‍රදේශයේදී වාහන 3කට වන අලි පහරදීම් සිදුවූ අතර තුවාල ලැබූ ගණන 15කි .

384

376 377 378 379   380 381 382 383