තිස් වසරක යුද්ධයේ දී වරින් වර හමුදාව අතටත් කොටි සංවිධානය අතටත් පත්වූ අලිමංකඩ ලුණු ලේවායේ අස්වැන්න වසර 25කට පසු මෙවර නෙළාගැනීමට යයි.
සෙබළ ගාමිණී කුලරත්න කොටි සටන්කරුවනට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළේ අලිමංකඩදී ය. කිලිනොච්චියේ යුද හමුදා කඳවුර ගිය වසරේ ලුණු ලේවාය පිළිසකර කළේය.
මෙවර ලුණු ටොන් 8000ක් ලබාගත හැකිවෙතියි හමුදාව කියයි. 1938 අලිමංකඩ ලුණු ලේවාය ඇරැඹිණි. එතැන් සිට 1990 වනතෙක් ශ්‍රී ලංකාවේ ලුණු අවශ්‍යතාවයෙන් 40%ක්ම ලබාගත්තේ අලිමංකඩිනි.
එදා යුද්ධයට පෙර ලුණු මෙට්‍රික් ටොන් 8000ක් පමණ නිෂ්පාදනය කළ අලිමංකඩ සේවකයෝ 650ක් පමණ වූහ. යුද්ධයත් සමග ඔවුන්ටද රැකියා අහිමි විය. දැනට ලුණු ලේවායේ 30කට ආසන්න පිරිසක් සේවය කරති. ලුණු අස්වනු නෙළීමේ අවස්ථාව කිලිනොච්චිය අතිරේක දිසාපති එන්.සත්‍යසීලන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.