අලිබාබා සමාගම ලංකාවේ ආයෝජනයට සැරැසෙයි


අන්තර්ජාලය  මගින් භාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා සහය දක්වන ලෝ ප්‍රකට චීන සමාගමක් වන අලිබාබා සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සිදු කිරීමට කැමැත්ත පළ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
එහි නිර්මාතෘ සහ වත්මන් සභාපති ජැක් මා මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණ විය. ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන 2017 ලෝක ආර්ථික සමුළුව අතරතුර මෙම හමුව සිදු විය. 
ලෝ ප්‍රකට ෆෝබ්ස් සගරාවේ 2016 ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව ධනවත් ම පුද්ගලයන් අතරින් 33 වැනි ස්ථානය දිනා ගැනීමට අලිබාබා සමාගමේ (Alibaba) සභාපති ජැක් මා මහතා සමත් විය. අමෙරිකානු ඩොලර් බිලියන 20.5ක වත්කම් හිමි ඔහු චීනයේ දෙවැනි ධනවත්ම පුද්ගලයා වෙයි. 

webMG-20170119-WA0000