හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ හා වාර්ෂික බලපත් ලබාදීමේ අලිපොත අස්ථානගත වීම සිදුවී ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂිකා චාන්දනී විල්සන් මහත්මිය භාරේ තිබියදී බවත් ඒ ගැන ඇය වනජීවී අධ්‍යක්ෂකට අමාත්‍යංශ ලේකම්ට හෝ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට හෝ වාර්තා කර නැතැයි එම සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වූ කමිටුව කියයි.
ඒ සම්බන්ධයෙන් ඇය කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැති බවද කමිටුව සඳහන් කරයි.
හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ විෂය බාරව සිටි කළමනාකාර සහකාර ප්‍රියංකා සංජීවනී මහත්මිය එම කටයුතුවලින් ඉවත් කළ චාන්දනී විල්සන් මහත්මිය ඒ වෙනුවට නයනා සුජීවනී පත් කර ඇතැයිද කමිටුව පවසයි. එම පොත නැතිවීම ගැන උසස් නිලධරයන් දැනුම්වත් කිරීමට සුජීවනී මහත්මිය විවිධ අවස්ථාවල උත්සාහ කළත් එහෙත් ලොකු නිලධරයන්ගෙන් ඇයට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවද කියති. එහෙත් රාජකාරිමය ආරක්ෂාව පතා ඇය එම සිද්ධි ලේඛනගත කර ඇතැයිද කමිටුව සඳහන් කරයි.

