වල් අලින් ගම්වැදීමෙන් වවුනියාව සෙට්ටිකුලමේ ජීවිත හානි සිදුවීම වැලැක්වීමට සහ ගම්වදින වල් අලින් පළවා හැරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් මැදවච්චිය - මන්නාරම මාර්ගය අවහිරකරමින් ගම්වාසීහ අද විරෝධතාවක් පැවැත්වූහ.
යුද්ධය නිසා තමන් වසර ගණනක් පීඩා විඳි බවත්, දැන් වල් අලින් නිසා යළි යුද්ධයක් කිරීමට සිදුවී ඇති බවත්, තම දරුවන්ට උදේට පාසල් යෑමට සිදුවී ඇත්තේ ද මර බියෙන් බවත් ගම්වාසීහු කීහ.
මීට දින දෙකකට පෙර ද වල්අලි ප්‍රහාරයකින් 67 හැවිරිදි පුද්ගලයකු මිය ගියේය.
මේ සම්බන්ධයෙන් වවුනියාව වනජීවි අඩවි ආරක්ෂක නිලධාරී එම් ඩී එල් ලයනල් මහතාගෙන් විමසූ විට ඔහු කීවේ සෙට්ටිකුලම වල් අලි තර්ජනය මැඩලීමට විදුලි වැටක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවයි.

