අවුරුදු පහක අලි පැටවකු මහනුවර ගන්නෝරුවේදී නීතී වීරෝධිව සන්තකයේ තබා ගත් බව කියන තිදෙනෙක් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ශ්‍රී නිත් විජේසේකර මහතා ලබන 20 දක්වා රිමාන්ඩ් කරනු ලැබුහ.
හොරණ කනන්විල වරුණ ලංකා විජේසිංහ කන්නන්ගර හා ඇත් ගොව්වා වන බණ්ඩාරගම ඩබ්ලිව් ආර් ජී සෝමරත්න අලි පැටියාද උසාවියට ගෙනවුත් තිබිණි.
මහේස්ත්‍රාත් අලි පැටවා බලා වාර්තාවක් ලබා දෙහිවල සත්වෝද්‍යානය මගින් අලි පැටියා උඩවලව ඇත් අතුරු සෙවණට බාර දෙන ලෙස දැන්වීය.
එහිදී ප්‍රතිකාර හා ආරක්ෂාව ලබා දෙන ලෙසත් ඇත් පැටවා භාර ගත් බවට ලිපියක් ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා බස්නාහිර සහකාර වනජීවී අධ්‍යක්ෂ ඩබ් ලිව් ඒ ඒ ඩී යු ඉන්ද්‍රජිත් මහතාට නියෝග කළේය.

