අලි සම්පත වැනසෙන හැටි


දඹුල්ල නගරයෙන් ඉවත් කරන කුණුකසල ප්‍රාදේශීය සභාව හා නගර සභාව මගින් හබරණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ රජයේ රක්ෂිතයට ගෙනවිත් දමනු ලබන්නේ වසර ගණනාවක සිටය. කුණු කසල හා පොලිතින් ආහාරයට ගැනීම, දඩයම නිසා දඹුල්ල දිගම්පතහ රක්ෂිතෙය්  මුව රංචුව හා වල් උරන්  දකින්නට නැත. 50 ක් 60ක් වූ වල් අලින්ගෙන් දැනට ඉන්නේ 10ක් 15ක් පමණි.

අලි බෙටි වල පොලිතින් එතී ඇති අයුරු දැකගත හැකි. කුණු කසල තැන තැන දැමීම නිසා රක්ෂිතය තනිකර පොලිතින් සුසානයක් බවට පත්වී ඇත.

මේ දිනවල කුණු කන්නට එන අලි විදේශිකයන්ට අලින් පෙන්වා මුදල් සොයන්නෝ ද වේ. ඉතාම අවදානම් ආකාරයට වන අලින් අසලට ඔවුන් රැගෙන ගොස් ජායාරූප ගනිති.

හබරණ සිගිරිය ප්‍රදේශවල සංචාරක කර්මාන්තය වර්ධනය වී ඇත්තේ අලි පිට සංචාර නිසාය. හබරණ කැලයේ අලි බැලීම නිසාය. සංචාරක කර්මාන්තයේ නියැලී සිටින පිරිස් ප්‍රදේශවාසින් කියා සිටින්නේ මේ අලි සම්පත විනාශ කිරීම නවතා දැමීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි.

වන සතුන්ට අනතුරු කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව රක්ෂිතයේ දැන්වීම් පුවරු සවිකර ඇත. එහෙත් දඹුල්ල මහනගර සභාවත් ප්‍රාදේශීය සභාවත් එළිපිටම වනසතුන්ට අනතුරු කරතියි සංචාරකයෝ කියති.

දඹුල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ආත්මා ඩී ජයරත්න මහත්මියගෙන් පැවසුවේ කුණු කසල බැහැර කිරීම සදහා අලුත් වැඩපිළිවෙළක් ළඟදි ආරම්භ කරන බවය.

DSC07464[1] DSC07470[1]   

DSC07486[1] DSC07494[1] DSC07503[1]