අලි රොෂාන්ගේ හෝටලයට වහලෙන් බැහැලා


කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් ලබාගත් අධිකරණ නියෝගයක් අනුව රහස් පොලිසිය අලි රොෂාන්ගේ කතරගම හෝටලය විවෘත කිරීමට ගියේය.

සීල් තබා තිබූ ගොඩනැගිල්ලේ දොරවල්වලට කිසිවක් කර නොතිබූ නමුත් වහලෙන් ගොඩනැගිල්ලට ඇතුළුවී වැදගත් ලියවිලි සොරාගෙන ඇතැයි රහස් පොලිසිය කියයි.

අලි රොෂාන්ගේ සේවකයන් දෙදෙනකු ඉදිරිපිටදී එම හෝටලය විවෘත කළ බවත් වහලින් හෝටලයට ඇතුළුවීමේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය කියයි.