සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් කැලේ අලි පැටවුන් අල්ලා තුන් වැනි පාර්ශ්වයනට විකිණීමේ මහ මොළකරු යැයි නීතිපති අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ කරුණු දැක්වීය.
නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ දිලීප පීරිස් මහතා පැවසුවේ වසර 15ක් පුරා මෙම පුද්ගලයා අලි පැටවුන් අල්ලා ඇති බවයි.
අප්‍රේල් දෙවැනි දා දක්වා ඔහු රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
හීලෑ කළ අලින් 359 දෙනකු ලියාපදිංචි කර ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ අලි පොතේ සඳහන් වන බවත්, අලින් 17 දෙනකුගේ සටහන් ටිපෙක්ස් කර ඇති බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා කීවේය.
අලි රොෂාන් අලි පැටවුන් 39 දෙනකු විකිණීමට සෘජුවම සම්බන්ධ බවට රහස් පොලිසියට තොරතුරු ඇතැයි ද, ඔහුගෙන් අලි පැටවුන් මිලට ගත් අයගෙන් ප්‍රශ්න කිරීම අවසන් වී නැතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.
කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අලි රොෂාන් වෙනුවෙන් පෙනී සිටියේය.

