සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන්ගේ කතරගම සහස් භූමි රිසෝට්හි වා සැකැසු කාමරයකට සීල් තැබු බවත් ඔහු සමඟ ගොස් එම කාමරය විවෘත කිරීමට අවසර පතන බවත් රහස් පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මියගෙන් ඉල්ලා සිටියාය.
පන්නිපිටිය ජේතවනාරාමයේ අලි පැටවුන් සම්බන්ධයෙන් ඔහු වනජීවී දෙපාර්තමේන්තුවේ අලි පොත වෙනස් කැර ඇතැයි රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.කිරුළපන ඇලන් මැතිනියාරාමයේ සිටි අලි පැටවා අලි රොෂාන් විසින් දෙන ලද බවත් ඔහු අලි පැටවුන් අල්ලාගත් ආකාරය දැක්වෙන වැදගත් තොරතුරු රැසක් හබරණ ධර්මසේනගෙන් ලැබී ඇති බවත් තවත් එවැනිම තොරතුරු ඇත් ගොව්වකු වන අසංක කුමාරගෙන් ලැබී ඇති බවත් රහස් පොළීසිය අධිකරණයට දැන්වීය.
අලි රොෂාන් විසින් කැලෙන් අල්ලා ගත් බව කියන අලි පැටවුන් අඳුරු කළ වීදුරු සහිත ඩිෆෙන්ඩර් රිය වලින් කොළඹට ගෙන ආ බවට තොරතුරු ඇතැයි රජයේ නීතීඥ දීලීප පීරිස් අධිකරණයේදී කියා සිටියේය.
65 වැනි අංකයක් ගසාගෙන ඇමැතිවරුන් යන බව අඟවමින් හෙඩ් ලයිට්ද පත්තු කරගෙන මේ වාහන කොළඹට පැමිණ ඇති බව ද ඔහු කීවේය.
අලි රොෂාන් උඩුවේ ධම්මාලෝක හිමියනට ද අලි පැටවකු දී ඇති බවත් ඒ හිමි දැනට එතෙර ගොස් සිටින බැවින් ශ්‍රී ලංකාවට පැමිණි පසු ප්‍රකාශක් ලබා ගන්නා බවත් නීතීඥවරයා පැවසීය.
ඔහුට ඇප නොදන ලෙසද රහස් පොලීසිය ඉල්ලයි .අප්‍රේල් අට වැනිදා තෙක් ඔහු යළි රිමාන්ඩ් කරනු ලැබීය.

