අලි රකින අයට එරෙහි පැමිණිල්ලක්


අතුරුගිරියේදී පොලෝ සෙල්ලම් කරමින් සිටියදී ව්‍යාජ බලපත් ඇතැයි අලි පැටවා අත් අඩංගුවට ගත් වනඡිජීවී නිලධාරින් ට එරහිව අලි රොෂාන්ගේ බිරිඳ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර ඇතැයි වනජීවි දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ජී.රත්නායක මහතා කියයි.

පැමිණිල්ල ගැන විධිමත් පරික්ෂණයක් පැවැත්වීමට පෙර වගඋත්තර කරුවන්ගෙන් වාර්තාවක් ලබා ගැනිම සඳහා ජූනි 5 හෝ ඊට පෙර දිනයකදි මානව හිමිකම් කොමිසමේ පෙනි සිටින ලෙස වගඋත්තරකරුවන්ට දන්වා ඇති බවයි.

වනජීවි දෙපාර්තුම්න්තුවේ සහකාර අධ්‍යක්ෂක ඒ.ඩි ඉනද්‍රජිත්,   වනසත්ව නියාමක එස්. සී. බී. අත්තනායක සහ පශු වෛද්‍ය සුහද ජයවර්ධන යන මහතුන් එමගින් වගඋත්තරකරුවන් කර ඇත.

ඔරුවල වානේ සංස්ථා ක්‍රිඩාංගනයෙ පැවති පෝලෝ වැඩසටහනේදී තමනට අයත් එක් අලි පැටවකු ඉලක්ක කර චෝදනා එල්ල කිරිම, බලපත්‍ර රහිත අලියකු නිදහස් කර යවා බලපත්‍ර සහිත තම අලි පැටවා අත් අඩංගුවට ගැනිම හා බලපත්‍ර නොමැති අලියාට නිතිමය පියවර ගන්නා බව පවසා පසුව තමන් පමණක් නිතිය ඉදිරියට ගෙනයාම, ඇත් ගොවුවන්ට පහර දීම ආදී කරුණු අලි රොෂාන්ගේ බිරිඳ වන පලිහපිටිය ගමගේ චාමලි චතුරානි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇතැයි කියති.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්.ජී.රත්නායක මහතා කීවේ තම නියෝගයන් මත නීත්‍යනුකූලව අලි පැටවා වනජීවී භාරයට ගත් බවත් වනජීවී නිලධාරීන් අතින් කිසිම වරදක් සිදුවි නොමැති බවත්ය.