කේෂර ගුණතිලක
නිරන්තරයෙන් වන අලින්ගේ ප්‍රහාරයට ලක්වන ගෝනගංආර ප්‍රදේශයේ ගම්මාන වලට මේ දිනවල කොටියෙක් සැරිසැරීම නිසා ගම්වාසීන් බියෙන් පසුවෙති.
පසුගිය දිනෙක රාත්‍රී කාලයේ පැමිණ ඇති කොටියෙකු ගෝනගංආර ආයකපොල්ල ප්‍රදේශයේ එළදෙනෙකු මරාදමා ඇති අතර සුනඛයින් කිහිපදෙනෙකුද අතුරුදන්වී ඇත.
තම ගම්මානයට කඩාවදින කොටි අල්ලා වෙනත් ප්‍රදේශයකට ගෙනගොස් දමන ලෙස ප්‍රදේශවාසීහු වනජීවී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

