අලි මට්ටු කරන්න කුරුඳු වවයි


(අංජුල මහික වීරරත්න)

බෝග නිෂ්පාදනයේ දී ඇතිවන වල් අලි හානි අවම කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස මහවැලි ඊ කලාපයේ හෙට්ටිපොළ විල්ගමුව කොට්ඨාශ වල කුරුඳු වගාව ප්‍රචලිත කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.

මහවැලි ඊ කලාපයේ පැවැත්වෙන පුනරුද සතියට සමගාමීව විල්ගමුව සහ හෙට්ටිපොළ ගොවීන් සිය දෙනකු තෝරාගෙන වගාව ප්‍රචලිත කිරීමට සැලසුම් කර ඇත.මෙම ව්‍යාපෘතිය යටතේ වගා කිරීමට නියමිත කුරුඳු පැළ සංඛ්‍යාව ලක්ෂයකි.

ලංකාවේ කුරුඳු සඳහා ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින බැවින්, මෙම වගාව මහවැලි ඊ කලාපයේ ප්‍රචලිත කිරීම මගින් එම ප්‍රදේශ වල ගොවීන්ගේ ආර්ථිකයද ශක්තිමත් වන බව මහවැලි අධිකාරියේ ඊ කලාපයේ නේවාසික කළමනාකරු එච්.එම්.කේ.ආර් හේරත් මහතා පවසයි.

කුරුඳු වගාවට වල් අලින්ගෙන් හානි නොවන නිසා එම ප්‍රදේශ වල අලි මිනිස් ගැටුම ද මෙමගින් අවම කර ගත හැකි බව හේරත් මහතා වැඩිදුරටත් කීය.