හීලෑ අලින් සමඟ තුන් මාසයක් ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කිරීමට ස්වීඩන් පෙර පාසල් පාලිකාවක සීගිරියට පැමිණ සිටින්නීය.
ඇය බර්ගිටා ප්‍රිට්ස් (52) දෙදරු මවකි.
ඇය පියසේන ගමගේ (අලි පියා) මහතාගේ අලිත් සමඟ ජීවත් වෙමින් එම අලින් රැක බලා ගනියි.
අලින් නැහැවීම, පිරිසිදු කිරීම, අලි බෙටි ඉවත් කිරීම , ඇත්ගොව්වන්ගෙන් අලි භාෂාව ද ඉගෙන ගනිමින් සිටින්නීය.
මේ වන විටත් මාසයක පමණ කාලයක් මෙම අලින් සමඟ ගත කැර ඇති ඇය ගැන ගමගේ මහතා කියා සිටියේ මිනිසුන්ට වඩා ඇය අලින්ට ආදරය කරන බවයි.
අලි ඇතුන් සමඟ කල් ගෙවීම මානසික සුවයට හේතු වන බව බර්ගිටා මහත්මිය පැවසුවාය.
මේ වන විට ඇයට සාමාන්‍යයෙන් අලි භාෂාව මෙන්ම අලියා මෙල්ල කරන හෙණ්ඩුව ද හුරු වී ඇත.
එසේම ඇත්ගොවුවන් සමග දැඩි සැමීප බවත් පෙන්නුම් කරන්නීය.
‘මම අලින්ට හරි ආදරෙයි. මම ලංකාවටත් හරි ආදරෙයි.‘ යනුවෙන් ඇය සිංහලෙන් ද කතා කරන්නීය.