අලි පිපාසයට පැන් පොදක්


ජර්මනියේ, බර්ලින් නුවර වෙසෙන රඹුක්වැල්ලේ දේවානන්ද හිමියෝ ලංකාවට පැමිණි අවස්ථාවක දුටු අපූරු සිදුවීමක් එසැණට එවා ඇත.

වතුර පිපාසය හැදුණු අලියකු කඩුගන්නාවේදී රථ වාහන සෝදන්නකුගෙන් වතුර පොදක් ඉල්ලාගෙන සිය පිපාසය නිවා ගත්තේය.

‘අද ලොරිවල යන අලින්ට මේ වතුර ටිකවත් ලැබෙන්නේ නැත. කාර් සෝදලා කීයක් හරි සොයා ගන්නා මේ අහිංසක මිනිසා අලියට පැන් පොදක් දෙන්නේ මුදලට නොවේ‘ යැයි උන්වහන්සේ කියති.

Bilder-aus-Sri-Lanka201618