අලි පැටියා මැරුවාට ගොවියා රිමාන්ඩ්


අධි බලැති විදුලි රැහැනට කොකු ගසා අවුරුදු 10 ක අලි පැටියෙකු මරා දැමීයැයි සැක පිට හොරොව්පතානේ සුනිල් මලලසේකර නම් ගොවියා කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් රාජා සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා විසින් ලබන 28 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

ඔහු අලියා මරා දින හතරකට පසු තව පිරිසක් සමඟ එකතු වී වළ දමා ඇතැයි පොලිසිය කියයි.