අලි පැටවා ලක්ෂ 50ක බැඳුම්කරයක් මත මුදා හරී


නාවල නිවසක ගෙවත්තේ සිටියදී ඉරිදා (31) වනජීවි නිලධාරීන් විසින් සොයා ගන්නා ලද කෙනර පැටවාගේ හිමිකරු ඉදිරිපත් කළ විස්තර කෙනර පැටවාගේ ශරීර ලක්ෂණ සමඟ නොසැසදෙන බව වනජීවී නිලධරයෝ කොළඹ මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා හමුවේ අද (01) කියා සිටියහ.

ඔවුන් ඉදිරිපත් කළ බලපත්‍රය ගැන සැකයක් ඇතැයි ඔවුහු පැවසූහ. 2014 වෙනුවෙන් බලපත්‍රයක් ඉදිරිපත් නොකළ බව ද ඔවුහු කීහ.

ඒ ගැන පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

සැප්තැම්බර 03-12 දක්වා මහියගනයේ  පැවැත්වෙන පෙරහරට සහභාගී කරවා ගැනීමට හිමිකරු එස් එම් රොෂාන් අධිකරණයේ අවසරය පැතීය.

රුපියල් ලක්ෂ 50ක ඇයපකරයක් මත කෙනර පැටවා ඔහුට මුදා හරින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

ඇත්ගොව්වන් දෙදෙනා වන චන්දන කුමාර සහ ශසික මාලදක ගම්ලත් රුපියල් පනස් දහසක  ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.

මෙම අලි පැටවාගේ ඉදිරිපස පාදයේ විශ්කකම්භය අගල් 29 ක් වූ නමුත් ලියැවිල්ලාල් සඳහන් වී ඇත්තේ අඟල් 53ක් බවයි.

ජින්ටෙක් ආයතනය ලවා කෙනර පැටවාගේ ජාන පරීක්ෂණයක් කිරිීමට වනජීවී දෙපාර්තමේන්තුව උසාවි නියෝගයක් ද ලබා ගත්තේය.

අලි පැටවා  අධිකරණයට ඉදිරිපත් කැරිණි.

  DSC00834 DSC00836 DSC00850 DSC00860 DSC00865

DSC00870

ඡායාරූප විශ්ව ගැමුණු ප්‍රියංකර