පන්නිපිටිය දෙව්රම් විහාරාධිපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කොළොන්නාවේ සුමංගල හිමියන් විදේශ ගත වන්නේ නම් අධිකරණයේ අවසරය ලබා ගන්නා ලෙස ඒ හිමියන්ට දන්වන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (20) පොලිසියට දැනුම් දුන්නේය.
කැලයෙන් අල්ලා ගත් අලි පැටවුන් පස් දෙනකු බලපත්‍ර රහිතව ළඟ තබා ගත්තැයි කියන පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ එම සිද්ධිය සම්බන්ධයෙන් සුමංගල හිමියන්ගේ නම ද අනාවරණය වන බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අලි රොෂාන් යළි රිමාන්ඩ් කරනු ලැබීය.

