වනජීවී දෙපාර්තුමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව සැක සහිත අලින් දෙදෙනකුගේ බලපත්‍ර පරික්ෂා කිරීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරින් පිරිසක් කැගල්ල ප්‍රදේශයේ එම අලින් රදවා සිටි ස්ථානයට යැවු බව වනජීවි දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ඡෙනරාල් එච්.ජී.රත්නායක මහතා පැවසිය.
එම ස්ථානයට යන විට එක් අලියකු පෙරහරක් සඳහා යවා ඇති බව එම අලියාගේ හිමිකරුවන් පවසා ඇති අතර අනිත් අලියාගේ බලපත්‍ර මින් පෙර අවස්ථාවකදීද මෙම හදිසි වැටලීම් ඒකකයේ නිලධාරියා සෝදිසි කළ අලියාම බව වනජීවී නිලධරයෝ කියති.
එම අලියාගේ බලපත්‍ර සම්බන්ධව අභියාචනාධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින බවත් ඒ සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවෙන්ද සොයා බලා ඇති බවත් වනජීවි දෙපාර්තුමේන්තුවෙන්ද විමර්ෂණයක් සිදුවන බවත් අධ්‍යක්ෂ වරයා පැවසීය.
වනජීවි දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරින් බලපත්‍ර නිරික්ෂණයේදී එහි තොරතුරු අනුව බලපත්‍රයේ වයස හා එම අලියාව නිරීක්ෂණය කිරීමේදි වයස් ගැලපෙන බවද ගැටලුවක් වි ඇත්තේ මෙම අලියාගේ බලපත්‍ර අංකයේ 230 හා 229 යන අංක දෙකක වෙනස් වීමක් බවත් 229 අංකයට තවත් ලියාපදිංචි බලපත්‍ර හිමි අලියෙකුද ඇති නිසා එකම බලපත්‍ර අංකයකට අලි දෙදෙනෙකු සිටිය නොහැකි නිසා ඒ ගැනද මේ වන විට විමර්ෂණ සිදු කරන බවත් කියයි.

