අලි තෝම්බුව නැති කළාට දෙන්නකුගේ වැඩ තහනම්


වන ජීවී දෙපාර්තමේන්තුවේ අලි සංඝණන පිළිබඳ පොත අස්ථාන ගත වීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි වනජීවී ඇමැති ගාමිණී විජිත් විජිතමුණි සොයිසා මහතා කියයි.

අමාත්‍යංශ ලේකම් උදේනි වික්‍රමසිංහ මහතා විසින්  වනජීවී දෙපාර්තමේන්තුවේ නීතී අංශයේ චාන්දනී විල්සන් සහ පර්යේෂණ හා පුහුණු අංශයේ පී එම් ධර්මතිලක යන නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් දෙදෙනාගේ වැඩ අද සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කරනු ලැබූහ.