බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක (එජාප) කිත්සිරි කහටපිටිය මහතාගේ හොරණ නිවසේ සිටි ඇත් පැටවා අද (01) සවස වනජීවී නිලධරයින් වෙත බාර දීම සඳහා වනජීවී වාහනයකින් බත්තරමුල්ලේ වනජීවී කාර්යාලට රැගෙන යනු ලැබීය.
කහටපිටිය මහතා හෝ ඇත් පැටවාගේ ගොව්වාද නොසිටි බව වනජීවී නිලධරයෝ කියති.
මෙම ඇත් පැටවා සම්බන්ධයෙන් පිළිගතහැකි ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසා මේ තත්ත්වය උදා විය.
අලියාගේ කකුල්වලට ප්‍රතිකාර ඇරැඹු බව නිලධරයෝ පවසති.

