(සිරිපුර මදුශානි අබේසිංහ)
අරලගංවිල පිඹුරත්තෑව ඇතුළු අවට ගම්මාන රැසකට බලපා ඇති,වන අලි තර්ජනයට විසදුමක් ලබා දෙන ලෙසට බල කරමින්, පිඹුරත්තෑව අවට ගම්වාසීහු පිරිසක් අඛන්ඩ විරෝධතාවයක නිරත වෙති.
වසර ගණනාවක සිට ගම්මාන කිහිපයක් ආවරණය වන පරිදි, කිලෝමීටර් දහතුන හමාරක් පමණ දුරට ඉදිකර ඇති විදුලි වැට මේ වන විට අක්‍රීය වී ඇති අතර, ඒ හේතුවෙන් ගම්මානයට ගම් වැදී සිටින වන අලි මාදුරුඔය ජාතික වනෝද්‍යානයට පලවා හැරීමට කටයුතු කරන ලෙසද විරෝධතාකරුවන් ඉල්ලා සිටිති.
පොළොන්නරුව මාදුරුඔය ප්‍රධාන මාර්ගයේ පිඹුරැත්තෑව ප්‍රදේශයේ අට්ටාලයක් ඉදිකරමින් අලුත්ඔය අරලගංවිල පිඹුරත්තෑව ගොවි සංවිධාන නියෝජිතයන් පිරිසක් මෙන්ම ඔවුන්ගේ පවුල්වල දරුවන් පිරිසක් මෙම අඛණ්ඩ විරෝධතාවයේ නිරත වී සිටිති.
ප්‍රදේශයේ පවතින අක්‍රිය විදුලි වැට විධිමත් ලෙස ඉදිකර දෙන ලෙසත් වන අලි ගැටලුවට විසදුම් ලබාදෙන ලෙසත්,මේ වසරේ මැයි මාසේ 13 වෙනිදා විරෝධතාවයක් සිදු කිරීමෙන් අනතුරුව දින දෙකකට පසු පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා මෙන්ම ඊට අදාළ බලධාරීන් පැමිණ ක්ෂේත්‍ර පරික්ෂාවක් සිදු කළ ද, තවමත් වන අලි ගැටලුවට කිසිදු පිළීයමක් ගෙන නොමැති බව,මෙම අඛන්ඩ විරෝධතාවයේ නිරතවන අලි වැට කමිටු ස්වේච්ඡා සංවිධානයේ නියෝජිතයකු වන එස්.එම් මනෝජ් ප්‍රසන්න මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.