ගල්ගමුව, ඇහැටුවැව අලි මිනිස් ගැටුම උග්‍ර වී ඇත.කැලෑ එළි කිරීම නිසා සිය නිජබිම් අහිමිවු වල් අලි ගම්වදීති, ගෙවල් කඩති.ගෙවතු වනසති.මිනිසුනටද පහර දෙති.
පහර කෑ කිහිපදෙනෙක් මරුමුවටද පත් වුහ.මාකලානේගම ගැමියෝ දිනපතාම වාගේ වල් අලින්ගේ හිරිහැරවලට ලක් වෙති.ඊට විසඳුමක් පතා අද (17) ඔවුහු මහා සංඝරත්නයද සමඟ මහ පාරේ වාඩි වුහ.









