වැඩි කළ විදුලි බිල අඩු කිරීමට මැති ඇමැතිවරුන්ට මොළේ පෑදේවායි කියමින් එක්සත් ජාතික පක්‍ෂයේ උතුරු මැද පාර්ලිමේන්තු, පළාත් සභා හා ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරු කලාවැවේ කඩවර දෙවොල ඉදිරිපිට පොල්ගැසූහ. අමුඩ ගසාගත් ගොවියෝද එහි වූහ. නැට්ටුවන් හා බෙර වාදකයන් පෙරටු කරගෙන ආ අය අතර මන්ත‍්‍රී පී. හැරිසන් මහතාද විය.