මහරගම විපස්‍යාරාම භූමියේ පුවක්පිටිය පන්සලේ අලිපැටවුන් දෙදෙනකු කලකට පෙර වල දැමූ බවට දැනට ඇප පිට සිටින අලි රොෂාන් හා හිමිනමක් දුන් තොරතුරු අනුව හෙටත් එහි කැනීම් කරන බව වනජීවී නිලධරයෝ කියති.
කොළඹ ප්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ සෝදිසි වරෙන්තුවක් මත කැළණිය විශ්ව විද්‍යාලයයේ පුරා විද්‍ය පශ්චාත් උපාධි ආයතනය වනජීවී දෙපාර්තමේන්තුව සමග අද (13) උදේ 10 සිට සවස් වනතුරු කළ කැනීම් වලින් කිසිත් සොයාගත නොහැකි විය. කැනීම් කටයුතු සඳහා බැකෝ යන්ත්‍රද යොදා ගෙන තිබුණි.
කැළණිය විශ්ව විද්‍යාලයයේ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණී අධිකාරී, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශූ වෛද්‍ය ඒකකයේ ප‍්‍රධානී වෛද්‍ය තාරක ප‍්‍රසාද් මහතා ඇතුළු කණ්ඩායමක්, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධරයෝ රැසක්ද මීට සහභාගී වූහ. මහරගම පොලිසිය ආරක්ෂාව සපයා තිබිණ.





