අලි අරියාදුවක්


ගල්ගමුව-මී ඔය රක්ෂිතයේ වල් අලි රංචුවක් අද අලුයම වී සොයා අවුත් ගල්ගමුව නාහෙට්ටිකුලමේ ගෙවල් දෙකක් කඩා ඇතැයි ද, රන්පත්විල අරණ්‍ය සේනාසනයේ වහලය කඩා දමා ඇතැයිද ගැමියෝ කියති.

ලීයක් වැදීමෙන් ගෙයක නිඳා සිටි ගැමියෙක් තුවාල ලැබීය.

මේ රක්ෂිතයේ 50-60 රංචුවක් සිටියි. රැයදී අලියකු ආහාර සොයා කිලෝමීටර 20-30 ඇවිදියි.