ව්‍යාජ ලිපි ලේඛන යටතේ ලියාපදිංචි කර අලින් ළඟ තබාගෙන සිටින දේශපාලකයින්, ස්වාමින් වහන්සේලා හා ව්‍යාපාරිකයින් සතු අලි 13 දෙනකු වනජීවී භාරයට ගෙන අධිකරණ කටයුතු නිම වෙන තෙක් උඩවලව ඇත් අතුරු සෙවණේ ආරක්ෂිතව රඳවා තබා ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග කළේය.
එම අලින් වන ජීවි භාරයට ගෙන අලි පශූ වෛද්‍යවරයකුගේ අධික්ෂණය යටතේ තබා ගන්නා ලෙසට අධිකරණය දැනුම් දුන්නේය.
මෝසමක් මගින් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසිය සෑහිමකට පත්විය නොහැකි තොරතුරු මෙම අලින් 13 දෙනා සඳහා ඇති බැවින් විමර්ශන අවසන් කර නැවත වාර්තාවක් ලබාගන්නා තෙක් එම අලි වනජීවි භාරයට ගෙන ආරක්ෂිතව තබා ගන්නා ලෙස වනජීවි අධ්‍යක්ෂ වරයාට නියෝගයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

