කලා වැව රක්ෂිතයේ තිහක් පමණ වූ අලි රංචුව පැටවුන් හය දෙනකුද සමග වසර ගණනාවකට පසු ගල්කිරියාගම කරලව හා හැවැන්තැන්නේ ගමට අඟහරුවාදා රාත්‍රියේ කඩා වැදීමත් සමග ගැමියෝ කළබල වූහ.
කරිවිල, කැකිරි, වට්ටක්කා හා පොල් වගාව බේරා ගැනීම ඔවුන්ගේ උත්සාය විය.
ඒ සඳහා ඇතෙමෙක් පොලීසියේ හා වනජීවී නිලධරයන්ගේ සහාය පැතූහ. රතිඤ්ඤා පත්තු කළහ. අලි වෙඩි පත්තු කළහ.
ඇතැමෙක් කඩිමුඩියේම වගාව නෙලන්නට වූහ. අලි ඇතුන් ළඟ ළඟම පෙනි පෙනී ගිනිගොඩවල් ගසමින් එළවළු නෙළන්නට වූහ.
ඇතැමෙක් ආරක්ෂාව පතා ඉවත්ව ගියහ. ඇතැමෙක් ගස්වලට නැග්ගාහ. පැටවුන් සිටි නිසාම අලින් එළවා ගැනීම අපහසු විය.
පැය 24කට පමණ පසු බදාදා (17) සංධ්‍යාවේදී අලි රැළ ආ පාරෙන්ම සැතපුම් තුනක් පමණ දුරින් පිහිටි කලා වැව රක්ෂිතයට ගියහ.
ගොවීන්ගේ වගාවට හානියක් සිදු වූයේ ද නැත. කිසිවකුට අනතුරක් සිදුවූයේ ද නැත.