
(හේමන්ත රණසූරිය සහ එස්.ජී.උබේපාල)
කැබිතිගොල්ලෑව සිංහයා උල්පත වනගත මාර්ගයේදී වන අලියකු සහ ඇතකු අතර පැවැති ද්වන්ද සටන උත්සන්න වෙමින් පැවැති අවස්ථාවේ ඒ අසලින් ගමන් ගත් ඇගළුම් සේවිකාවන් රැගත් බසයට පහරදීමෙන් එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැණ තිබූ අතර පසුව පොලිසිය සහ වනජීවි නිලධාරීන් පැමණි එම බසයේ සිටි ඇඟළුම් සේවාකාවන් අනතුරක් වන්නට ඉඩ නොදී බේරාගෙන ඇත.
මෙලෙස වන අලි ප්‍රහාරයට ලක් වී ඇත්තේ වැලිඔය ඇඟලුම් කම්හලක සේවය කරන සේවිකාවන් රැගෙන ගිය පෞද්ගලික බස් රථයකි. සිද්ධිය වන අවස්ථාවේ බස් රථයේ ඇඟළුම් සේවක සේවිකාවන් 20 පමණ සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
යකාවැව ගම්මානයේ සිට කැබිතිගොල්ලෑව පදවිය ප්‍රධාන මාර්ගයට ඇඟලුම් කම්හල් සේවිකාවන් රැගෙන එන කුඩා වාහනයට මෙම වන අලියා සහ ඇත් සටන හේතුවෙන් බාධා එල්ල වී ඇත.
එම වාහනයට බාධාවීම නිසා කුඩා වාහනයේ සාහායට ආ ඇඟලුම් කම්හලේ ලොකු බස් රථයට අලි පොරය පැවැති ස්ථානය පසු කරනවාත් සමග වන අලි ප්‍රහාරයට ලක්වී ඇතැයි පොලිසිය කියයි.




