අල්ලස්ගත් සැරයන් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පසුපස හඹා ගොස් රුපියල් 10,000 ක අල්ලස් මුදලක් බලෙන් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත්බව  කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ දකුණ  කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත ක්ෂණික විහිඳුම් යතුරු පැදි ඒකකයේ රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකි.

සැකකාර පොලිස් සැරයන්වරයා තවත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු සමග ඊයේ (02)  අපරාධ වැළැක්වීමේ යතුරුපැදි සංචාර රාජකාරියේ යෙදී සිටියදී  මෙම සිදුවීම වී තිබේ.

කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කිරීමේ වරදට නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා රුපියල් 10.000 ක මුදලක් අල්ලස් වශයෙන් බලෙන් ලබාගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත