අල්ලස් ලොක්කා ගැන ජවිපෙන් පැමිණිල්ලක්


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ  අද (1) එම කොමිසමටම පැමිණිල්ලක් කළේය.

බාලපටබැඳි මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කරද්දී දුන් තීන්දුවක් උල්ලංඝනය වන පරිදි ඔහු විසින්ම වාහන මිලදීගැනීමක් කර ඇතැයි කියමින් මෙම පැමිණිල්ල කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසිනි.

ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.